Pages

sociology

සමාජ ප්‍රශ්න අනෙකුත් ප්‍රශ්න වලින් වෙනස් වන්නේ කෙසේ දැයි ඒවායේ ලක්ෂණ ඇසුරින් පහදන්න.

ප්‍රශ්න මදිවට ප්‍රශ්න.මේ ප්‍රශ්නේ නිතර අහන එකක් වගේ.හැබැයි මේකට උත්තරේ නම් ඒ තරම්ම අප්සෙට් නැ වගේ.මෙතනදි අපිට හයිලයිට් කරන්න වෙන්නේ සමාජ ප්‍රශ්න වල තියන වෙනස.(එහෙම කිව්වට ඔක්කොම නිකං ගොම ගොඩ වගේ ඇනෙන ප්‍රශ්න) මේකට කලින් සමාජ ප්‍රශ්න කියන්නේ මොනවාද යන්න ගැන හොද ඉවක් තිබිය යුතුයි. සරලව කියනව නම් පවතින තත්වයට එරෙහි විමක් ලෙස දක්වන්න පුළුවන්.(නිකං අගේන්ස් එකට වගේ) එහෙමත් නැත්නම් සමාජ ක්‍රියාකාරිත්වයේ සසල වීමක් ලෙසත් දක්වන්න හැකියි.(හරියට සැලෙන්ඩර් වුනා වගේ එකක්)

හැබැයි මේ හැම දෙයකටම තරමක් ගැඹුරින් සලකා බැලිය යුතුයි.

මෙතනදි අපි ටිකක් බැහැල කල්පනා කරන්න ඹ්නි දෙයක් මිනිසා සමාජ සත්වයෙක් බව.ඒ කියන්නේ අපිට තනියෙම ඉන්න බැරි බව (ආයෙත් අහලා... කෑල්ලක් ලග නැතිකොට නලියනවා) අපින පුද්ගලික යැයි කියා කිසිම ක්‍රියාවක් තියෙන්න විදියක් නැ(? මොකක් අරක පුද්ලිකයි මේක පුද්ගලිකයි කියල දැන් හිතපල්ල ) නෑ අදහස වැරදි අපිල පුද්ගලික ප්‍රශ්න නැත.ඒක ඇත්ත.ඕනම ක්‍රියාවක් සමාජයට සාපෙක්ෂයි.( අපිට හිතෙන ඔනි තැනක අපිටමුත්‍රා කරන්න පුළුවන්ද? බෑ නේ. . . අනිත් එවුන් දකියි කියන හැගිම එනවා අනිවාර්යෙන්ම) ඒක නිසා තමයි පුද්ගලික ප්‍රශ්න තියන්න විදියක් නැත්තේ...දැන් වැදුනා නේ

යම් ප්‍රශ්නයක් එක් අයෙකුට විතරක් බලපාන්නේ නම් එය සමාජ ප්‍රශ්නයක් නොවේ. එය වැඩි පිරිසකට බලපැ යුතුයි.වැඩි දෙනෙක් ඒ ගැන උනන්දුයි නම් , කතා කරනවා නම් , ඒ ගැන විශ්ලේෂණ කරනවා නම් පත පොත ලියනවා නම් එබදු තත්වයක් සමාජ ප්‍රශ්නයක් විමට හැකියි.( පහුගිය දවස් වල ලංකාවේ ජනවාර්ගික විවිධත්වය , මත් ද්‍රව්‍ය, ගබ්සාව ආදි ප්‍රශ්න මතකටය එනවා ඇති)

තවත් සමාජ ප්‍රශ්නයක ඇති විය යුතු ලක්ෂණයක් තමයි ඒ සඳහා විසදුමක් තිබිය යුතු විම. විසදුමක් නැති ඒවා සමාජ  ප්‍රශ්න නොවේ. උදා විදියට ජල ගැලීමක් නායයාමක් ආදිය ස්වභාවික විපතක් විදියට විතරක් සැලකේ නම් එය සමාජ ප්‍රශ්නයක් වෙන්නේ නැ. නමුත් මේ ගැනත් කල හැකි යම් යම් නවින විසදුම් තියනවා ඒ කියන්නේ ඒක සමාජ ප්‍රශ්නයක් විදියට ගන්න පුළුවන්.  සමාජ ප්‍රශ්නයක් පසු කල යුතු පියවර කිහිපයක් තිබෙනවා.

මුලින්ම  මේ ගැන පොඩි කසුකුසුවක් තිබිම. වාර්තා කල හැකි සාකච්චා කල හැකි තත්ව සමුහක් තිබිම (කතා කරන බාසාවෙන්)

ඊලගට එය වර්ධනය වි පොදු මහජනයා ඒ ගැන සිතන දකින විදිය ගැන විවෘත ව විවරණය කල හැකි විම.

ඉන් පසු මෙය සමාජ ප්‍රශ්නයක් ලෙස හදුනාගෙන ආයතනික මට්ටමෙන් විසදුම් සෙවිමට උත්සාහ ගැනිම සිදු වෙනවා නිති රීති ඇතිවිමත්  ඒ සඳහාම විවිධ පර්යේෂණ ආතනන බිහිවිමත් දැකිමට හැකි වෙනවා . .